මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හංවැල්ල ඇඹුල්ගම රජමහා විහාරයේ වාර්ෂික පෙරහර අද සිට 17 දක්වා

    ජනවාරි 11, 2015

    හංවැල්ල ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ දී ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය, විශේෂ විශ්වශක්ති පූජා, දේව පූජා හා විහාරස්ථානයේ පෙරහර මංගල්‍ය ජනවාරි අද (11) සිට ලබන 17 දින දක්වා සිදුකෙරේ.

     
    අද සිට 15 දින දක්වා පස්වරු 1.00 සිට රාත්‍රී 10.00 දක්වා සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සිදු කිරීමට නියමිතය. ජනවාරි 14 දින සිට කේශ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් හා මහා විශ්ව ශක්ති පූජාවක් පැවැත්වේ.
     
     
    ජනවාරි 16 දින අඩි 150ක උසකින් යුතු  චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා මුල්ගල තැබීමත් හා පාවඩ පෙරහරත් පැවැත්වෙන අතර ජනවාරි 17 වැනි දින රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
     
    අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමත් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමත් ජනවාරි 17 දින සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya