මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා මූලස්ථානය නව වසරේ වැඩ අරඹයි

    ජනවාරි 02, 2015

    ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (01) කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායන්ට හා ආචාර ධර්මයන්ට මුල් තැනක් දෙමින් නව වසරේ වැඩ ඇරඹීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    දේශයේ අභිමානය සංකේතවත් කරමින් ජාතික ධජය එසවීම යුද හමුදාපතිතුමා විසින් සිදු කරන ලදී. හමුදා සම්ප්‍රදායන්ට අනුගත වෙමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය. 

    පෙරවරු 9.15ට දේශය වෙනුවෙන් තම දිවි පුද කළ සියල්ලන් සිහිපත් කොට විනාඩියක කාලයක් නිශ්ශබ්දව සිට ඔවුන්ට ගෞරව දැක්වීමට සැම දෙනා එක්වූහ.

    එකම රටක්, එකම ජාතියක් සහ එකම ධජයක් යන හැඟීමෙන් මහජනතාවට සහ රටට සේවය කළ යුතු බවට වන ප්‍රතිඥාව විධායක ජෙනරාල්, මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා මෙහි දී සිහිපත් කළේ නව වසරේ වැඩ ආරම්භ කළ ප්‍රථම දිනයේ වැදගත්කම සිහිපත් කරමිනි.

    සියලු දෙනා ඇමතූ යුද හමුදාපතිතුමා තමන්ගේ කාර්යභාරයන් පිළිබඳ ව සිහිපත් කළ අතර ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මෙන්ම ඔබ සියලුදෙනාගේ කැපකිරීම හා උත්සාහය මත සියල්ල මල්ඵල ගත් බවත් ඉදිරියට ද ඒ අනුව කටයුතු කරන ලෙසත් සිහිපත් කළේය.

    දේශය වෙනුවෙන් දිවි පුද කළ සහ ආබාධිත තත්ත්වයට පත් ව සිටින රණ විරුවන් සිහිපත් කළ යුද හමුදාපතිතුමා ඔවුන්ට තම ආචාරය ද පුද කළේ සියල්ලන්ගේ ගෞරවයට එම විරුවන් නිරතුරුවම පාත්‍රවන බව සිහිපත් කරමිනි.

    ඉන් පසු යුද හමුදාපතිතුමා සහ සේවා වනිතා යුද හමුදා ශාඛාවේ සභාපතිනී දමයන්ති රත්නායක මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු; යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් බැලීම සඳහා ගියහ. 

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya