මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් වන දිනය අප සියල්‍ලන්ගේම සිහින සැබෑවන දිනයයි

    ජනවාරි 01, 2015
    ශ්‍රී ලාංකිකයකු වීමේ ආඩම්බරය අභිමානයක් කොට හිසමත පැළඳවීමට නම් අප අභිමුඛව ඇති සංවර්ධන සංග්‍රාමය ද දැඩි කැපවීමකින් යුතු ව ජයගැනීමට නව වසරේදී එක්වන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.
     
    ආදරය, සහජීවනය, සශ්‍රීකත්ව ඇතුළු සියලු අපේක්ෂා මල්ඵල ගන්වන නව වසරට සුභාශිංසන පිරිනැමීමේ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය.
     
    එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. "ජාති, ආගම්, කුල, පාට හා පක්ෂ වශයෙන් බෙදී වෙන් වී සිටීමේ දුර්විපාක කොතෙක් ද යන්න පිළිබඳ ගෙවී ගිය අතීතය අපට කියා දුන් පාඩම් බොහෝය. ශ්‍රී ලංකාව යනු අද ලෝකයේ කැපී පෙනෙන රාජ්‍යයකි.
     
    කිසිදු පිටස්තර රාජ්‍ය අත පෙවීමකින් තොරව බිහිසුණු, මිනීමරු ත්‍රස්තවාදයක්, ස්වශක්තියෙන් පරාජය කළ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම ජන නායකයා හා ජාතිය, ශ්‍රී ලාංකිකයන් බව දැන් අවිවාදිත කරුණකි. ඒ කායික ශක්තිය මෙන්ම මහා චිත්ත ධෛර්යය ද අප සතුය. එබදු ශ්‍රී ලාංකිකයෙකු වීමේ ආඩම්බරය අභිමානයක් කොට හිසමත පැළඳවීමට නම් අප අභිමුඛව ඇති සංවර්ධන සංග්‍රාමය ද දැඩි කැපවීමකින් යුතුව ජයගත යුතු වේ.
     
    මේ ලැබුවා වූ 2015 නව වසර වෙනුවෙන් ඔබට අපේක්ෂාවක් තිබේ. වෙර වීරියෙන්, ආත්මාභිමානයෙන් නැගී සිටින රටක් ලෙස, ඒ රටේ රාජ්‍ය නායකයා ලෙස, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අප රජයට ද අපේක්ෂාවක් තිබේ. ඔබ, ඔබේ පවුල වෙනුවෙන් දකින සිහින සැබෑ කර ගන්නට නම්, පළමුව රට වෙනුවෙන් අප සියල්ලෝම දකින ඒ පොදු අපේක්ෂාව සැබෑ කරගත යුතුයි.
     
    මේ අලුත් අවුරුද්දේ පළමු සිතිවිල්ල ඒ සුබ අනාගතය වෙනුවෙන් වෙන් කර ගනිමු.
     
    ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් වන දිනය අප සියල්‍ලන්ගේම සිහින සැබෑවන දිනයයි. ඒ දිනය ද වැඩි ඈතක නොවන බවට මේ මොහොතේ ඔබට ප්‍රතිඥාවක් දීමට මම කැමැත්තෙමි. එවිට සැබෑ ලෙසම ආසියාවේ ආශ්චර්යවත් අයිතිකාරයා වන්නේ ඔබම මිස අන් කිසිවකු නොවේ.
     
    සියලු වාද බේද පසෙකලා ඒ අපේක්ෂාව වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු.
     
    ඔබ සැමට සුබ නව වසරක් වේවා !
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya