මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර අවසන් රජුගේ අන්තඃපුරයේ ස්නානාගාරය සංරක්ෂණයට

    ජනවාරි 01, 2015
    මහනුවර අවසන් රජු වන ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ අන්තඃපුරයේ ස්නානාගාරය සංරක්ෂණයට පියවර ගෙන ඇති බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
     
    දළදා මාලිගාවට යාබදව මහනුවර වැව තුළට නෙරා ඇති දෙමහල් ගොඩනැගිල්ල උල්පැන්ගේ හෙවත් අන්තඃපුර කාන්තාවන්ගේ ස්නානාගාරයයි. මෙම ගොඩනැගිල්ලේ තුන් පාර්ශවයක් වැවේ ජල කඳට මායිම් ව ඇති අතර 
     
    ගොඩනැගිල්ලේ බිම් මහල තුළ අන්තඃපුර ළඳුන් ස්නානය කළ පොකුණ දැකිය හැක. මෙම ගොඩනැගිල්ල කි‍්‍ර.ව. 1798 පටන් කි‍්‍ර.ව. 1815 දක්වා වන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රාජ්‍ය සමයෙ හි ඉදිකරන ලද්දකි. ඓතිහාසික මහනුවර නගරයට ඉමහත් අලංකාරයක් ගෙනදෙන ගොඩනැගිල්ලක් ලෙස මෙය හැඳින්විය හැකිය.
     
    මෙම ගොඩනැගිල්ලේ පියස්ස, උඩුමහලේ ගෙබිම ලෙස යෙදෙන දැව තට්ටුව සහ ගොඩනැගිල්ලේ පිළ, බිත්තිය ඇතුළු ව්‍යූහය බරපතල ලෙස හායනයට ලක්ව දුර්වලව තිබේ. මෙය රුපියල් මිලියන 38.8ක වියදමින් සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සම්පාදනය කරනු ඇත.
     
    මෙම ව්‍යාපෘතිය භාරව පුරාවිද්‍යා පර්යේෂණ සහකාර මේනකා ජයසූරිය මහත්මිය කටයුතු කරන අතර සංරක්ෂණයෙන් අනතුරුව ගොඩනැගිල්ලේ ඉහළ මහලේ උරුම තොරතුරු මධ්‍යස්ථානයක් ද පුරාවිද්‍යා රසායන සංරක්ෂණාගාරයක් ද ස්ථාපනය කෙරේ. නාන තටාකය සහිත යට මහලෙ හි ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික වාරි නිර්මාණ විදහා දැක්වෙන ප‍්‍රදර්ශනයක් සංවිධානය කිරීමට කටයුතු කරනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya