මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ නව වසරේ සුබපැතුම් පණිවිඩය

    ජනවාරි 01, 2015
    දේශයට යුක්තිය සහ සාධාරණත්වය කියා දෙමින් මෙරට බිහි වූ අති විශිෂ්ට නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ  නායකත්වය යටතේ රට සෞභාග්‍ය කරා ළඟා වී ඇති බවත් රටේ අනාගත බලාපොරොත්තු සඵල කර ගත හැකි සහ ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් ඒකීය රටක් තුළ සාමකාමී මිනිස් සමාජයක් ගොඩනැගීමට එළඹෙන 2015 නව වර්ෂයේ සෑම දෙනාම අදිටන් කර ගත යුතු බවත් 2015 නව වසර සඳහා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.
     
    දශක තුනක් පුරා පැවති කුරිරු යුද්ධය නිමාකරමින් යුද්ධයෙන් පිඩාවට පත් වූ උතුරේ සහ දකුණේ ජනතාවට නව බලාපොරොත්තුවක් ඇති කිරීමට සියවසේ, රටේ බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකි විය. එසේම සමස්ත මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව පරිසරයට ද එකසේ ආධාරය කළ නායකයෙක් වූ ජනාධිපතිතුමා රටට කළ උදාර සේවය මෙරට ජනතාවගේ සිත් තුළ සනිටුහන් වී ඇත. 
      
    උදා කර ගත් සාමයත් ක‍්‍රියාත්මක සංවර්ධනයත් නිසා අපේ රට ලෝක අවධානයට ලක් විය. බොහෝ රටවල් සිය සංවර්ධන උපාය මාර්ග සඳහා අපේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ කෙරෙහි අවධානය යොමු කර ඇත. එසේම අන්තර්ජාතිකව පැසසුමට ලක් වී ඇත. ගෝලීය පුරවැසියන් ලෙස ජීවත්වීමට සුදුසු රටක් බවට අපේ රට පරිවර්තනය වී ඇත. ඒ බව ගෝලීය තත්ත්ව දර්ශකවලින් පෙන්නුම් කෙරේ. එවන් වූ අභිමානවත් දේශයක ඔබ අප අද ජීවත් වේ. එහි අභිමානය ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප සැමට සතුටු විය හැක. 
     
    එබැවින් වෛරයෙන් හා ඊර්ෂාවෙන් තොරව ජාති, ආගම් බේදයෙන් තොරව අභිමානයෙන් යුක්තව ජාතියක් ලෙස අනාගතය ගොඩනැගීමටත්, දිනාගත් දේශය සුරක්ෂිත කරගැනීමටත් උදාවන නව වසරේ ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අධිෂ්ඨාන කර ගනිමු.
     
    උදාවන නව වර්ෂය ශ‍්‍රී ලාංකිකයන්ටත් ලෝකවාසී ජනතාවටත් සාමට සතුට සපිරි සුබ නව වසරක් වේවා!
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya