මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මේ වසරේදීත් දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණයට ප්‍රමුඛත්වය දිය යුතුයි.” - ඇමැති තිස්ස කරල්ලියැද්ද

    ජනවාරි 01, 2015
    ඉකුත් වසරවල මෙන් ම අදින් (01) ඇරඹෙන 2015 නව වසරේදීත් රටේ සියලු දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු යැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියැද්ද මහතා පවසයි.
     
    දරුවන්ගේ අනාගතය අඳුරු නොවීමට කටයුතු කිරීමේ මූලික වගකීම දෙමාපියන් වෙත පැවරී ඇති බවත්, සියලු යස ඉසුරුවලට වඩා තම දරුවන්ගේ වටිනාකම තේරුම් ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව ද නව වසරට සුබපැතුම් එක් කරමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     
     
    නව වසරේ තම දරුවා අපයෝජන ඇතුළු සියලු අකාරයේ අනතුරුවලින් වලකා සුබදායි ජයග්‍රහණයන් කරා ගෙන යාමේ වගකීම දෙමාපියන් වෙත පැවරී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි.
     
     
    තිස් වසරක කුරිරු යුද්ධයෙන් මහත් සේ පීඩාවට පත් මේ රටේ දරුවන් සහ කාන්තාවන් ඇතුළු සමස්ත ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් නිරන්තරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්නේ රට යුද ශාපයෙන් මුදවාගත් නිසා බවත් උතුරේ සහ දකුණේ සියලු දරුවන්ගේ හෙට දවස දීප්තිමත් කිරීමට රටේ සුබ පෙරනිමිති පහළ වී ඇති බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.
     
     
    නගරයේ මෙන්ම ගමේ දරුවන්ට ද අධ්‍යාපනයෙන් ජීවිතය ජය ගන්න මඟ හෙළිකර දී ඇති ජනපතිතුමන් සියලු සංවර්ධන ව්‍යාපෘති සිදුකරන්නේ ද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව අද රටේ ජනතාව වටහාගෙන තිබෙන බව ද ජනාධිපතිතුමන් තරම් මේ රටේ දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂි අවධානයක් යොමු කර කටයුතු කළ නායකයෙක් මීට පෙර බිහි වී නැති බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අවධාරණය කර සිටී.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya