මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙනරත් පරණවිතාන අනුස්මරණ ගී වැඩසටහන අද

    දෙසැම්බර් 26, 2014
    ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 118 වැනි ජන්ම දිනය සැමරීම නිමිත්තෙන් අද (26) පස්වරු 4.00 සිට පරණවිතාන අනුස්මරණ ගීතාවලිය නමින් සංගීත වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතය.
     
    ආචාර්ය දයා රෝහණ රණතුංග සහ රෝහිත විජේසුන්දර මහත්වරු මෙම වැඩසටහන අධ්‍යක්ෂණය කරති. 
     
    ප්‍රේමනාත් ජයතිලක විසින් වැඩසටහන මෙහෙයවනු ලැබේ. වැඩසටහන නිෂ්පාදනය කරනුයේ පද්මසිරි මෙන්ඩිස් විසිනි. 
     
    මෙහි ගී පද රචනයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහය අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා විසින් නිර්මාණය කර ඇත. ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, එඩ්වඩ් ජයකොඩි, රෝහණ බෝගොඩ, විජේසුන්දර වෙරගොඩ, පුෂ්ප කුමාරි රණසිංහ හා මල්ලිකා පෙරේරා යන ගායික ගායිකාවෝ මෙහිදී ගීත ගායනා කරති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya