මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාල ජන ගංගාවක් සමඟින් "පාබල මේලා" නිමා වේ

    දෙසැම්බර් 25, 2014
    දේශය වෙනුවෙන් දිවි කැප කළ  ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන්ගේ සුබසාධනය උදෙසා  ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් මෙවරත් "පාබල මේලා"  සැණකෙළිය හික්කඩුවේ දී පැවත් වූ අතර, එහි අවසන් උත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා සහභාගී විය.
     
    උත්සව සමයට සමගාමිව පුරා දින පහක් පැවති මෙම සැණකෙළිය සඳහා අතිවිශාල පිරිසක් සහභාගී වූ අතර පසුගිය 19 දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සැණකෙළිය ආරම්භ කෙරිණි. 
     
    මේ සැණකෙළියට මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන් ම යුද හමුදා සාමාජිකයෝ සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya