මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ට "සාමය උදෙසා අයිතීන් සුරකිමු" කෘතිය එළි දකී

    දෙසැම්බර් 23, 2014
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාවේ 6.60 නිර්දේශයට අනුව ද්විතීයක ශ්‍රේණිවල (6 ශ්‍රේණිය - 11 ශ්‍රේණිය) පාසල් සිසුන් සඳහා මානව හිමිකම් පිළිබඳ අතිරේක කියවීම් ග්‍රන්ථයක් සම්පාදනයට අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන අතර එම "සාමය උදෙසා අයිතීන් සුරකිමු" යන කෘතිය එළි දැක්වීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 
     
    "Save the Children" ආයතනය විසින් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන ලදී.
     
    භාෂා මාධ්‍ය තුනෙන් ම (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) සම්පාදිත මෙම පොත එක් පාසලකට පිටපත් 10 බැගින් ලබාදීමට කටයුතු කෙරේ. එහිදී පාසල් පුස්තකාලගත කර සිසුන්ට කියවීමට සැලැස්වීම මූලික අපේක්ෂාව වන අතර ලබන වසරේ සිට යුනෙස්කෝ ආධාර ඇති ව පාසල් පද්ධතියේදී භාවිතය පිළිබඳ පුරවැසි අධ්‍යාපන ගුරුභවතුන්  ජාතික අධ්‍යාපන ආයතනය හරහා දැනුවත් කිරීමට ද සැලසුම් කර ඇත. දරුවන් විසින් ම නිර්මාණය කරන ලද සිතුවම් කිහිපයකින්  ද සමන්විත වීම මෙම පොතේ විශේෂත්වයක් වන අතර දරුවන්ට කියවීමේ රුචියක් ඇති වන ආකාරයට සරල හා රසවත් ව මෙම පොත රචනා කර ඇත.
     
    අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා, අතිරේක ලේකම්වරු, Save the Children ආයතනය මෙරට නිත්‍ය නියෝජිත විලියම් ලින්ච් මහතා (William Lynch, Country Director – Save The Children Sri Lanka), ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya