මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විලඳගොඩ පැරණි සංඝාරාමයේ සංරක්ෂණ කටයුතු අවසන්

    දෙසැම්බර් 22, 2014
    පුත්තලම දිස්ත්‍රික්කයේ විලඳගොඩ පැරණි සංඝාරාමයේ සංරක්ෂණ කටයුතු අවසන් කර ඇත.
     
    පුත්තලම දිස්ත‍්‍රික්කයේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවධානයන් යොමුකිරීමේ කාර්යය අරඹන ලද්දේ 2010 වසරේ පටන්ය. මෙහි පළමු පියවර ලෙස දිස්ත‍්‍රික්කයේ තෝරාගත් ප‍්‍රදේශ කිහිපයක පුරාවිද්‍යා ගවේෂණ දියත් කරන ලද අතර දිස්ත‍්‍රික්කයේ ඇති පැරණි උරුමයන් අතුරින් විශේෂ අවධානයට ලක් වූ ස්ථානයක් වූයේ විලඳගොඩ පැරණි සංඝාරාමයයි.
     
    අක්කර 500කට ආසන්න භූමියක් පුරා මෙම සංඝාරාමයට අයත් නටඹුන් විසිරී පවතින අතර මේ තාක් සිදුකරන ලද ගවේෂණවලින් කටාරම් කොටන ලද ලෙන් 31ක් සහ ලෙන් ලිපි කිහිපයක්ද, දාගැබ් කිහිපයක්, ප‍්‍රතිමා ගෘහයක් සහ වෙනත් ගොඩනැගිලි ගණනාවක් ද අනාවරණය කරගෙන තිබේ. මෙම සංඝාරාම බිමෙ හි ඇති ගඩොල් නිර්මිත එක් ලෙන් කුටියක් අතිශයින් සිත්කළු නිර්මාණයක් ලෙස සලකනු ලැබේ. අනුරාධපුර යුගයට අයත් මෙම ලෙන් කුටිය හොඳින් ආරක්ෂිතව පැවති මුත් හුඹස් බැඳීම සහ පාරිසරික හේතු මත එම ස්මාරකයයේ ව්‍යූහය දුර්වල වී තිබුණි. මෙම කුටිය ප‍්‍රතිමා ගෘහයක් ලෙස භාවිත කරන ලද්දකි. එම අලංකාර ලෙන් කුටිය මේ වන විට සංරක්ෂණය කර තිබේ.
     
    මෙම විහාරය අනුරාධපුර යුගයේදී මෙන්ම පොලොන්නරුව හා මහනුවර අවධිවල දී ද වන්දනාමානාදියට පාත‍්‍ර වූ බවට සාධක දක්නා ලැබේ.
     
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya