මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමයේ පණිවුඩය රැගෙන නත්තල් කැරොල් ගී ප්‍රසංගය පවත්වයි

    දෙසැම්බර් 22, 2014
    උතුරු නැගෙනහිර මෙන්ම අනෙකුත් පළාත්වල ගීතිකා කණ්ඩායම් ද එක්ව, ගීතිකා ගායනා කරමින් කොළඹ 13, කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දී වාර්ෂික යුද හමුදා නත්තල් සැමරුම සිදු කළ අතර ශ්‍රී ලංකා යුද හමුදා කතෝලික සංගමය විසින් මෙහි සියලු කටයුතු සංවිධානය කරන ලදී.
     
    2015 නව වර්ෂයට සුබ පතමින් පවත්වන ලද මෙම නත්තල් කැරොල් උත්සවයෙ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා සහභාගී විය. 
      
    මෙම කැරොල් ගී  ප්‍රසංගයෙහි  සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කැරොල් ගී ගායනා කළ අතර, සාම කුමරා නැතහොත් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකරමින් මෙය සංවිධානය කර තිබුණි.
     
    බෙනඩික් ජෝශප් පියතුමන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා ශාන්ත බෙනඩික් විද්‍යාලය,  උතුරු සහ නැගෙනහිර පළාතේ පාසල් සිසුන් ද සහභාගී වූ අතර ඒ සඳහා සංගීතය  ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් ලබා දෙන ලදී. 
     
    මෙම අවස්ථාව සඳහා ශාන්තා ලුසියා කතෝලික දේවස්ථානයේ කිස්වාන් ද කෘස් පියතුමා, යුද හමුදා කතෝලික සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ යන මහත්වරු, හිටපු යුද හමුදාපතිවරු සහ  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, යුද හමුදා නිලධාරීහු සහ සෙසු නිලයන් ඇතුළු කිතුනු බැතිමත්හු බොහෝ පිරිසක් සහභාගී වූහ.
     
    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya