මෑත කාලීනව සිදු කරන ලද ඉදිකිරීම් හේතුවෙන් මෙම විහාර භූමියේ ඇති අනුරාධපුර අවධියට අයත් පැරණි දාගැබේ සැබෑ ස්වරූපය ආවරණයව පැවතුණි. මේ අනුව දෙපාර්තමේන්තුව විසින් මෑත කාලයේ දී දාගැබට එකතු කරන ලද ඉදිකිරීමේ අංග ඉවත්කර එම ඉදිකිරීම තුළ සැඟවී තිබූ පැරණි දාගැබ අනාවරණය කරගන්නා ලදී. මෙම දාගැබ ආසන්නයේ දක්නා ලැබෙන ඡත‍්‍ර ගලට අනුව මෙය අනුරාධපුර අවධියේ මුල් භාගයට අයත් දාගැබක් බව සනාථ කෙරේ.
මෙම රජමහා විහාර භූමියේ පැරණි ධර්මශාලාවක්, ප‍්‍රතිමා ගෘහයක් සහ අනුරාධපුර අවධියට අයත් නටඹුන් වූ ගොඩනැගිලි ගණනාවක් දක්නට ලැබේ. ප‍්‍රතිමා ගෘහය මහනුවර යුගයට අයත් අතර එහි එම අවධියට අයත් කැටයක්, මූර්ති සහ සිතුවම් දක්නා ලැබේ. තිඹිරිය රජමහා විහාරය සද්ධර්මාලංකාරයේ සඳහන් වන "ගිරිතිම්බිල තිස්ස පබ්බතාරාමය" විය හැකි බව ඇතැම් වියතුන්ගේ මතයයි. මෙම විහාරය සද්ධාතිස්ස රජුගේ පුත‍්‍ර ලජ්ජිතිස්ස රජු විසින් ඉදිකරන ලද බවට ජනප‍්‍රවාදයක් පවතී.
මෙම ස්ථානයේ සිදු කරන ලද කැණීමෙන් ඕලන්ද කාසි 160ක් ද, තඹ මුදු, වීදුරු පබළු හා පැරණි මැයි බඳුන් ද අනාවරණය වී තිබේ. ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යතුමාගේ ඉල්ලීමකට අනුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කෙරිණි. මෙහි ව්‍යාපාතිය භාරව ඌව පළාත් පුරාවිද්‍යා පර්යේෂණ සහකාර ශාන්ති රේණුකා රාජපක්ෂ මහත්මිය කටයුතු කරයි.
NDH