මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුම ප්‍රසාද ප්‍රණාම උළෙල ලබන 22 කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී

    දෙසැම්බර් 16, 2014

    ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය වාර්ෂික ව සංවිධානය කරන ශ්‍රී ලාංකීය ජාතික උරුමයන් සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය උදෙසා සිය ජීවිතය කැප කළා වූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දස දෙනෙකු ඇගයීමට ලක් කරන “උරුම ප්‍රසාද ප්‍රණාම උළෙල - 2014” මෙවර ද ලබන 22 වැනි දින ප.ව. 6.00ට කොළඹ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. 


    සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර සහ ජාතික උරුමයන් අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. 

    මෙම උළෙලේ දී ස්වර්ණ සහ රජත වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ සම්මාන පිරිනැමේ. අපේ ජාතික උරුමයන් සුරක්ෂිත කරලීම උදෙසා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ හා ඉටුකරමින් සිටින විද්වතුන් ඇගයීම මෙහිදී සිදු කරනු ඇත. ජාතික උරුමයන් ආරක්ෂා කිරීම කෙරෙහි ශ්‍රී ලාංකිකයින් තුළ හැඟීමක් ඇති කිරීම අරමුණු කරගෙන ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් වාර්ෂිකව මෙම කර්තව්‍යය‍ සිදුකරනු ලබනු ඇත. 
     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya