මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹාන ආදිවාසී උරුමය සංරක්ෂණය කිරීමට පියවර

    දෙසැම්බර් 11, 2014

    දඹානේ ආදිවාසී උරුමය සංරක්ෂණය කිරීම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සපයා දී ඇති ප‍්‍රතිපාදනවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


    මේ අනුව හිටපු ආදිවාසී නායක තිසාහාමිගේ නිවස ප‍්‍රතිසංස්කරණය කිරීම, කැවිල්ලාන මණ්ඩපය හෙවත් ගිමන්හල නිර්මාණය, ආදිවාසී වෙද පියස ප‍්‍රතිසංස්කරණය, දඹාන ආදිවාසී කෞතුකාගාරයේ ප‍්‍රතිසංස්කරණය හා ප‍්‍රතිසංවිධානය කිරීම මීට අයත් වේ.

    දඹානේ ආදිවාසී ජනාවාස නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල ප‍්‍රමාණයක් දඹානට පැමිණෙන මුත් ඔවුන් හට ලංකාවේ ආදිවාසී උරුමය පිළිබඳ දැනුමක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් නොතිබිණි. මෙම අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා එම ස්ථානයේ 2006 වසරේ දී ඉදිකර තිබූ කෞතුකාගාරය ද නවීකරණය වෙමින් තිබේ.

    ආදිවාසී උරුමය ප‍්‍රවර්ධනය කිරීමේ මෙම වැඩසටහන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසින් අරඹන ලද්දේ 2010 වසරේදීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya