මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 14දා

    දෙසැම්බර් 11, 2014
    2014 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ලබන 14දා පෙරවරු 9.30ට කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්ට නව නිර්මාණ බිහිකරමින් සුවිශේෂ මෙහෙවරක් ඉටුකර වයස අවු. 60 ඉක් ම වූ, දැනට ජීවිතයේ සැඳෑ සමය පසු කරමින් සිටින සිංහල, දමිළ හා මුස්ලිම් කලා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස මෙවර සිංහල, දෙමළ හා මුස්ලිම් කලාකරුවන් 397 දෙනෙකු සඳහා කලාභූෂණ සම්මාන පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
     
    ලංකාවේ සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල කලා ශීල්පීන් 269 දෙනෙක් ද, දමිළ කලා ශිල්පීන් 100 දෙනෙක් හා මුස්ලිම් කලා ශිල්පීන් 28 දෙනෙක් කලාභූෂණ සම්මාන සඳහා තෝරාගෙන ඇති අතර සිංහල කලාකරුවන් අතරින් නර්තන අංශයෙන් කලාශිල්පීන් 66කු ද, නාට්‍ය හා රංගන අංශයෙන් කලාශිල්පීන් 38 දෙනෙක් ද, සාහිත්‍ය අංශයෙන් කලාශිල්පීන් 74 දෙනෙකු ද, චිත්‍ර හා මූර්ති අංශයෙන් කලාශිල්පීන්  28 දෙනෙක් ද, සංගීත ශිල්පීන් 38 දෙනෙක් හා අනිකුත් කලා ක්ෂේත්‍රවලින් කලාශිල්පීන්  25 දෙදෙනෙක් ද තෝරාගෙන ඇත.
     
    මෙවර වයස අවු. 80 ඉක් ම වූ කලාකරුවන් 14 දෙනෙකු කලාභූෂණ සම්මානයෙන් පුදනු ලබති.  
     
    කොළඹ දිස්ත්‍රික්කයෙන් සිංහල කලාකරුවන් 67 දෙනෙක් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් දමිළ කලාකරුවන් 48 දෙදෙනෙක් ද, තෝරාගෙන ඇති අතර අනිකුත් සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කලාකරුවන් තෝරාගෙන ඇත. 
     
    කලාභූෂණ සම්මානලාභීන්ට සම්මානයක්, සහතිකපතක් හා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර කලාභූෂණ සම්මානලාභීන් තෝරාගැනීම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ සහය ඇති ව ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් සිදුකර ඇත.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 30 වන වරට මෙවර සම්මාන උළෙල සංවිධානය කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya