අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක නාට්‍ය දින සැමරුම මෙවරත් උත්කර්ෂවත්ව සැමරෙයි

    මාර්තු 28, 2022

    ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැවැත්විණි.

    1948 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු,1961 වර්ෂයේ දී ජාත්‍යන්තර රංගකලා ආයතනය (International Theatre Institute) ලෝක නාට්‍ය දිනය සැමරිය යුතු බවට ගත් තීරණයකට අනුව මාර්තු මස 27 වැනි දිනය “ලෝක නාට්‍ය දිනය“ නමින් නම් කළ අතර, 1962 වර්ෂයේ සිට මේ දක්වා ලෝකය පුරා නාට්‍ය දිනය උත්සවාකාරයෙන් සමරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

    ජාත්‍යන්තර රංගකලා ආයතනය විසින් සෑම වසරකම ජාත්‍යන්තර තලයේ නාට්‍යකරුවකු විසින් රචිත නාට්‍ය දින පණිවුඩයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර එය සිය සමාජික රටවල් වෙත බෙදා හරී. මෙවර ලෝක නාට්‍ය දින පණිවුඩය ඉදිරිපත් කර ඇත්තේ, ඇමෙරිකා ජාතික “පීටර් සෙලර්ස්“ මහතා විසිනි.

    නාට්‍යමය අවකාශයේ යථාර්තය යන මැයෙන් විශේෂ දේශනයක් ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා පවත්වනු ලැබු අතර, ටවර් හෝල් රගහල පදනම විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කළ, ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මියගේ “පුංචි අපට දැන් තේරෙයි“ හා “තොප්පි වෙළෙන්දා” නාට්‍ය පිටපත් ද්විත්වය මෙම උත්සවයට සමගාමීව එළිදැක්විණි.

    ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, ටවර් හෝල් රගහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජික හෂීම් ඕමාර්,ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ ප්‍රවීණ නාට්‍යවේදීන්, කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya