අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් රැසක්

    අගෝස්තු 19, 2014

    මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා අඛණ්ඩව වසර 20ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම නිමිත්තෙන් ඒ මහතාට ආශිර්වාද පතා මැදවච්චිය ආසනය පුරා ආගමික වැඩසටහන් රාශියක් පසුගියදා පැවැත්විණි. 
    අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 1994 අගෝස්තු මස 16 වැනි දින පැවති මහ මැතිවරණයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරීපත් වූ තිස්ස කරල්ලියද්ද මහතා 1993 දී මුලින්ම සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ මැදවච්චිය ඇතාකඩ ශ්‍රී බෝධිමළු විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනිමිනි. ඒ අනුව පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීමට සමගාමීව ඒ මහතාගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රධාන ආගමික වැඩසටහන ද එම විහාරස්ථානයේ දී පසුගියදා සිදුකෙරිණි. 
     
    ඇතාකඩ ශ්‍රී බෝධිමළු විහාරාධිපති පෑලියගොඩ මෛත්‍රීනන්ද හිමියන් විසින් එහි දී ආගමික වතාවත් සිදුකළ අතර උන්වහන්සේ අතින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා වෙත උපහාර තිළිණයක් ද ලබාදුන්හ. මෙම අවස්ථාවට උතුරුමැද පළාත් සභාවේ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායිකා කල්යානි කරල්ලියද්ද මහත්මිය, පළාත් සභා මන්ත්‍රී සුසිල් ගුණරත්න මහතා ඇතුළු ප්‍රදේශවාසීහු  පිරිසක් සහභාගි වූහ.

    හැත්තෑව දශකයේ සමගි පෙරමුණ රජයේ දහනම වතාවක් අගමැති ධුරයෙහි වැඩ බලමින් ද, මැදවච්චිය ආසනයේ මහජන නියෝජිතයා ලෙස නොකඩවා වසර 47ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ද ලෝක වාර්තාවකට හිමිකම් කී රජරට අසහාය දේශපාලන නායකයා ලෙස අදත් ජනතාවගේ ගෞරවාදරයට පත් දිවංගත මෛත්‍රීපාල සේනානායක මහතාගේ ආශිර්වාදයෙන් තිස්ස කරල්ලියද්ද මහතා දේශපාලනයට පිවිසියේ ය.

     1994 වසරේ මෙන්ම 2000, 2001, 2004 සහ 2010 වසරවල පැවති මහ මැතිවරණයන්ගෙන් ද ජයග්‍රහණය ලැබූ කරල්ලියද්ද මහතා මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ඉඩම් හා දේශීය වෛද්‍ය අමාත්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍ය සහ ආගමික කටයුතු නියෝජ්‍ය ආමාත්‍ය ධුරයන් දරනු ලැබී ය.
     අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සංවිධානය කර ඇති ප්‍රධාන උපහාර උත්සවය මේ මස 30 අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. 
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya