මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 - රාජ්‍ය සේවක නිර්මාණ ඇගයුමට නිර්මාණ භාර ගැනේ

    ජූනි 12, 2014
    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය 2014 සඳහා නිර්මාණ භාරගැනීම මේ වන විට සිදුවෙමින් පවතින අතර නිර්මාණ භාරගැනීමේ කාලය ජුනි 30දායින් අවසන් වීමට නියමිතය.
     
    සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කෙටි කතා, ගීත රචනා, කෙටි නාට්‍ය, පද්‍ය රචනා, ළමා නිර්මාණ, චිත්‍ර නිර්මාණ ආදී ක්ෂේත්‍ර රැසක් යටතේ නිර්මාණ භාර ගැනේ. 
     
    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 872 001 හෝ 0112 872 002 දූරකතන අංක ඔස්සේද, www.cultural.gov.lk යන වෙබ් අඩවියෙන් සහ ලේකම්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, 8වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයෙන් ද ලබාගත හැකිය.
     
    රාජ්‍ය හා රාජ්‍යානුබද්ධ ආයතනවල සේවයේ නියැළි රාජ්‍ය සේවකයන්ගේ කලා කුසලතාවන් ඔප් නැංවීමටත් එම කුසලතාවන් ඇගයීමට හා එළිදැක්වීමට අවස්ථාව සලසමින් මෙම නිර්මාණ තරගාවලිය සංවිධානය කොට ඇත. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya