අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයට කරන වියදම අනාගත ආයෝජනයක්

    මැයි 25, 2016

    අධ්‍යාපනයට කරන වියදම අනාගත ආයෝජනයක් බවත් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් වියදම් කිරීමේදී සැලැස්මක් අනුව කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ශ්‍රී ලංකා ජාතික පුස්තකාල‍යේ 26 වන සංවත්සර උත්සව‍යේ සමාරම්භක උත්සවය අද (25) ‍පෙරවරුවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ‍සේවා මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වුණි. ‍‍මේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

    ජාත්‍යන්තර ක්‍රමවේදයන් අනුව ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරනවා. අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ යුතුයි. කොළඹට ඇවිත් සුපිරි පාසල් සංකල්පය ඇති කිරීම නොව ළඟම පාසලයි අපේ හොඳ ම පාසල, එම සංකල්පය බිහිකිරීම අපේ අරමුණයි. හැම විෂයකට ම අඩු ගුරුවරුන් බඳවා ගැනීම ඉතා ඉක්මනින් සිදු කරනවා. දේශපාලනය ඈත් කර, විභාග තියා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි දිනවල සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අධ්‍යාපනය, අනාගත සංවර්ධනය සඳහා අවශ්‍ය වන අතර ඒ සඳහා තරුණ පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සඳහා විශාල කාර්යභාරයක් සිදු කරනවා. භෞතික සම්පතට වඩා මානව සම්පත ගොඩ නැගිය යුතුයි. ඒ බව මේ රජය හොඳින් තේරුම් ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ගංවතුර නිසා මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව ද සඳහන් කළේය. ගංවතුරට හසුවූ දරුවන්ට නොමිලේ අච්චු පොත්, අභ්‍යාස පොත් හා නිල ඇඳුම් ලබා දෙනවා. කලාප අධ්‍යාපන කාර්යාල හරහා එම කාර්ය සිදු කරනු ඇත. කෑගල්ලේ සිදු වූ නාය යෑම නිසා පාසල් ඒමට නොහැකි ව සිටින දරුවන්ට කැමති ඇඳුමකින් සැරසී පාසලට පැමිණියාට ගැටලුවක් නොමැති බවට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණ්‍යක් ගෙන තියෙනවා. නැතිවුණු සහතික වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරියා හරහා දැනුවත් වීම් සිදු කර නැවත ලබා දීම සිදු කරන ලෙස ට විභාග කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා. එම දරුවන්ගේ පාඩම්වලට අදාළ ව නැති වුණු සටහන් වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සහයෙන් ෆොටෝ කොපි ලබා දීමට කටයුතු කරනවා. කෙටි කාලයක් තුළ අපේ අරමුණුවලට ළඟා වීමට හැකි වී ඇත්තේ අලුතින් සිතා කැප වී වැඩ කිරීමෙන් බවත් එවිට ඉදිරියට ගමන් කිරීමට ඉතා පහසු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික පුස්තකාල‍යේ ඩිජිටල් පුස්තකාලය විවෘත කිරීම, දුර්ලභ ජන ගී ඇතුළත් සංයුක්ත තැටියක් පිළිගැන්වීම, කර්තෘවරුන් සඳහා චෙක්පත් පිළිගැන්වීම, පුස්තකාල සඳහා පොත් ප්‍රදානය මෙන් ම සිසු දිවිමඟ අරුණළු වැඩසටහන යට‍තේ හඟුරන්‍‍කෙත ප්‍රදේශ‍‍යේ පුස්තකාලයක් පවත්වා‍ගෙන යන භාග්‍යා සචින්තනි දැරියට ෆැෂන්බග් ආයතන‍යේ අනුග්‍රහ‍යෙන් ‍චෙක්පත් ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya