මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශන හෙට

    මැයි 20, 2016

    ගාන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන්වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම හෙට (21) අරලියගහ මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ පවත්වනු ලබන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පාකිස්ථාන ද්විපාර්ශවීය මිත්‍රත්වය සංස්කෘතික වශයෙන් ද ශක්තිමත් කරමින් පාකිස්ථානු රජය ශ්‍රී ලංකාවට මෙම අවස්ථාවට ලබා දුන් බව කතානායකවරයා පෙන්වා දුන් අතර නැවත මෙම සර්වඥ ධාතූන්වහන්සේ රන් මංජුසාවක් තුළ තැන්පත් කර ගාන්ධාර දේශයට ජුනි 26වැනි දා වැඩම කරවීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කිරීම හෙට පස්වරු 7.30ට සිදු කෙරේ.

    මීට සමගාමීව නීලගිරි චෛත්‍ය ආශ්‍රිත පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයා ගන්නා ලද සර්වඥ ධාතූන් වහන්සේලා ද මෙහිදී ප්‍රදර්ශනය කිරීම සිදු වේ.

    මෙම ප්‍රදර්ශනය අද සිට ලබන 24 වැනි දා දක්වා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන අතර පැය 24 පුරාම මහජන ප්‍රදර්ශනය විවෘතව තැබේ.

    මෙම සර්වඥධාතූන් වහන්සේ ප්‍රදර්ශනය දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි විහාරස්ථාන 17කදී පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලය කටයුතු සංවිධානය කර තිබේ.

    මීළඟ ප්‍රදර්ශනය ලබන 24, 25 දෙදින ගම්පහ ශාසනවර්ධන පිරිවෙනේ පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya