අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය වෙසක් උත්සවය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේම බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවෙලා - ධිවර රාජ්‍ය අමාත්‍ය

    මැයි 20, 2016
     
     මෙවර රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය නයිගල පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කිරීම නිසා දිස්ත්‍රික්කය පුරා දැවැන්ත ආගමික ප්‍රබෝධයක් ගොඩනැගෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
    මමත් සජිත් ප්‍රේමදාස මහතාත් රජයෙන් ඉල්ලීමක් කළා 2016 රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වීමට අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  වගේම බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් ඒ අවස්ථාව හම්බන්තොට ජනතාවට උදාකර දීලා තියෙනවා. 
     
    මෙවැනි ආගමික ප්‍රබෝධයක් සමස්ථ හම්බන්තොට දිස්ත්‍රික්කයේම ඇතිවන පරිදි රාජ්‍ය වෙසක් උත්සවය හම්බන්තොට පැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාටත්, අග්‍රාමාත්‍යතුමාටත්,බුද්ධශාසන අමාත්‍යතුමා ඇතුළු රජයටත් ස්තුතිය පිරිනැමිය යුතුය. 
     
    අද වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගෙයක් ගෙයක් පාසා ආගමික ප්‍රබෝධය ඇතිවෙලා. ලොකු කුඩා සෑම සියළු දෙනාම අන් කවරදාකවත් නොමැති අන්දමට මෙවර වෙසක් උත්සවයට සුදානම් වන අන්දම දැකගැනීමට හැකි බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.
     
    අමාත්‍යවරයා සදහන් කලේ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන නගාසිටුවීමටත්,එවැනි විහාරස්ථාන වලට උදවු උපකාර කිරීමටත්, ආගමික දැනුම ලබා දෙමින් දරු පරපුර රටට වැඩදායක පුරවැසියන් කිරීමට කැපවෙන දහම් පාසැල් වලට උපකාර කිරීමටත් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව අවස්ථාව උදා වී ඇතිබවය.
     
    ඒ ලෙසම ප්‍රදේශයේ පොදු පහසුකම් සංවර්ධන කිරීමටත් හැකියාව ලැබුණු බව සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඉදිරියටත් පොදු මහජනතාවගේ යහපත, සුබ සිද්ධිය උදෙසා මෙන්ම මෙවැනි ආගමික ප්‍රබෝධය, ජාතික සමගිය ඇතිවන උත්සව සංවිධානය කිරීමටත් උපරිම ශක්තිය යොදවා කටයුතු කරන බවද අවධාරණය කළේය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya