මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල වතුරවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කෙරේ

    මැයි 20, 2016
     
    අභිනවයෙන් ඉදිවූ ගාල්ල කහදුව වතුරවිල ආරණ්‍ය සේනාසනයේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ඊයේ සිදු කෙරිණි.
    පොළොන්නරු යුගයෙන් පසු ශ්‍රී ලාංකේය නිර්මාණ ශිල්පියෙකු විසින් ගාල්ල ඇල්පිටිය කහදුව වතුරවිල ආරණ්‍ය සේනාසන භුමියේ කළු ගලක නිර්මාණය කරනු ලැබූ අඩි 42ක් උසැති අභය මුද්‍රාවෙන් යුත් හිමි හිටි පිළිම වහන්සේ  මෙසේ සම්භාවනීය මැති ඇමතිවරුන් විසින් විවෘත කරනු ලැබූහ. 
     
    දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බුද්ධ සාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.
     
    මෙම විවෘත කිරීම් වලින් අනතුරුව පැවති ආගමික උත්සවයේ මුලාසනය ආරණ්‍ය සේනාසනයේ විහාරධිපති මහකන්දේ රතනපාල අනූනායක හිමිපාණන් සිදු කරනු ලැබූහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya