අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය කොළොම්තොට වෙසක් කලාපය මෙවරත්

    මැයි 20, 2016
    වරාය බෞද්ධ සංගමය ඉදිරිපත් කරන කොළොම්තොට වෙසක් කලාපය මෙවරත් පැවැත්වේ. 
    එය මෙවර පවත්වනු ලබන්නේ තුන්වන වරටයි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරෙන වරාය කොළොම්තොට වෙසක් කලාපය විවෘත කෙරෙන්නේ ලබන සෙනසුරාදා සවස 06.00 ට ධාතු ප්‍රදර්ශනය ආරම්භ කරමිනි. 
     
    ගාලුමුවදොර චෛත්‍ය පාර ආරම්භයේ සිට වරාය චෛත්‍ය දක්වා වූ කලාපයෙහි පිහිටුවන මෙම වෙසක් කලාපයට තොරණ, වෙසක් කූඩු, දන්සැල්, භක්ති ගීත සංදර්ශන, මුද්‍රානාටක සහ තවත් අංග රැසක් ඇතුළත් වේ.
     
    වරාය බෞද්ධ සංගමයේ සභාපති කොටුව ශ්‍රී බෝධිරාජ විහාරාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක නිකුල පඥ්ඥාසාර නායක ස්වාමීන්වහන්සේ පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සේවකයින්ගේ සහභාගීත්වයෙන් මෙම වෙසක් කලාපය පැවැත්වෙන බවයි.
     
    “වරාය බෞද්ධ සංගමය වෙසක් පොහොයට සමගාමීව සෑම වර්ෂයකම ධර්ම දේශනා, සීල භාවනා ආදී වැඩසටහන් සංවිධානය කරනවා. විශේෂයෙන්ම භාවනා වැඩසටහන් වඩාත් වැදගත්වූවක්. මෙවර එය පැවැත්වෙන්නේ 771 වෙනි වරටයි.....” යැයි පැවසූ උන්වහන්සේ කොළොම්තොට වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණෙන්නැයි විවෘත ආරාධනයක්ද කළේය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya