අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පෝය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආගමික වැඩසටහන් රැසක්

    මැයි 18, 2016


    වෙසක් පෝය නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.


    මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත සංවිධානය කර ඇති මේ ආගමික වැඩසටහන් දින හතක් පුරා පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද (18) මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ දායකත්වයෙන් දිනය පුරා බෞද්ධාගමික ගීත කාර්යාල පරිශ්‍රය තුළ ප්‍රචාරයකරන අතර අද ප.ව. 3.00ට සුමධුර ධර්ම දේශනයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

    හෙට (19) පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා භාවනා වැඩසටහනක් පැවැත්වේ. මැයි 21 දින කඩල දන්සලක් ද මැයි 21, 22, 23 දිනවල වෙසක් කූඩු හා වෙසක් සැරසිලි තරගයක් ද පැවැත්වෙනු ඇත. මැයි 24 දින දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමයේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ කඳවුරක් ද එදින ම දවස පුරා ශක්ති ඵලදායිතා කවයේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බෙලිමල් හා බිස්කට් දන්සල ද පැවැත්වේ. දිවි නැඟුම අංශයේ මූලිකත්වයෙන් මරණයට කැප වූ ගවයන් දෙදෙනෙකු නිදහස්කර සමෘද්ධි ප්‍රතිලාභීන් දෙදෙනෙකුගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ට ලබා දීමට නියමිත ය.


    මෙම සියලු ආගමික කටයුතු මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය බෞද්ධ කටයුතු අංශය හා සංස්කෘතික අංශය විසින් සම්බන්ධීකරණය කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya