මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසිදිසි බක් මහ උළෙල අනිද්දා

    අප්‍රේල් 24, 2016

    උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද  නිමිත්තේන් පැවැත්වෙන ඇසිදිසි  බක් මහ උළෙල අනිද්දා (26) බත්තරමුල්ල අපේ ගම  පරිශ්‍රයේ දී  පැවැත්වේ

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව මෙම අවුරුදු උළෙල සංවිධානය කරනු ලබයි.

    මෙහි දි සාම්ප්‍රදායික මෙන්ම ජනප්‍රිය අවුරුදු ජන ක්‍රීඩා 40ක්  පමණ ඇතුළත් කර ඇත. ඒ අතර ගම හරහා දිවීම, කාන්තා පිරිමි කඹ ඇදීම, කනා මුට්ටිය බිඳීම, කොට්ටපොර තරගය, අලියාට ඇස තැබීම වැනි ක්‍රීඩාවන් විශේෂ වේ. ඔන්චිලි වාරම් වැනි  අපේ කම ප්‍රකට කරවන සංස්කෘතික අංගයන්ගෙන් ද   බක් මහ උළෙල අවසානයේ දී ඇසිදිසි  අවුරුදු කුමරා කුමරිය අභිෂේක ගැන්විමට ද නියමිතය.

    මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩලය මෙන්ම කලාකරුවන් රැසක් ද සහභාගී විමට  නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya