මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අවුරුදු ජන ක්‍රීඩා උළෙල අද

    අප්‍රේල් 23, 2016

    සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර ඉස්මතු වන අයුරින් නව අවුරුදු ජන ක්‍රීඩා උළෙලක් අද ( 23) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන වයඹ පළාත් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යන ආයතන
    සමඟ ඒකාබද්ධව වයඹ පළාත් සභාව මෙම උත්සවය සංවිධානය කරයි.

    නව වසර හා සබැඳි ක්‍රීඩාවන් හා හර පද්ධතීන් ආරක්ෂා කර මතු පරපුරටත් දායද කිරීමේ අරමුණින් මෙම සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්ට ප්‍රමුඛත්වයක් ලබා දීම මෙහි ඇති විශේෂත්වයකි.

    නෑගම් ඒමේ චාරිත්‍රයෙන් මෙදින පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම ජන ක්‍රීඩා උළෙලට සංගීත හා නර්තන ප්‍රසංගයක්ද ඇතුළත් වන අතර එය රාත්‍රි 10.00 දක්වා පැවැත්විමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya