ඒ මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදීයි.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන වයඹ පළාත් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යන ආයතන
සමඟ ඒකාබද්ධව වයඹ පළාත් සභාව මෙම උත්සවය සංවිධානය කරයි.
නව වසර හා සබැඳි ක්‍රීඩාවන් හා හර පද්ධතීන් ආරක්ෂා කර මතු පරපුරටත් දායද කිරීමේ අරමුණින් මෙම සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්ට ප්‍රමුඛත්වයක් ලබා දීම මෙහි ඇති විශේෂත්වයකි.
නෑගම් ඒමේ චාරිත්‍රයෙන් මෙදින පෙරවරු 6.00 ට ආරම්භ වන මෙම ජන ක්‍රීඩා උළෙලට සංගීත හා නර්තන ප්‍රසංගයක්ද ඇතුළත් වන අතර එය රාත්‍රි 10.00 දක්වා පැවැත්විමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.