මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදට යෙදු ඇති අලුත් අවුරුද්ද චාරිත්‍ර

    අප්‍රේල් 13, 2016

    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවේශවීම නව වසර උදාව ලෙස සලකනු ලැබේ. සිංහල සහ දෙමළ ජනතාව අවුරුද්දකට වරක් බක් මාසයේදී සූර්ය දිව්‍ය රාජයා සිහිපත්කොට මෙම අලුත් අවුරුදු  මංගල්‍යයක් පවත්වති.

    ඒ අනුව අදට (13) යෙදී ඇති අලුත් අවුරුදු චාරිත්‍ර‍ පහත සඳහන් පරිදි වේ.

    පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම

    අප්‍රේල් මස 13 වැනි බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්ථානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

    අලුත් අවුරුදු උදාව

    අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග  07.48ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

    පුණ්‍ය කාලය

    අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 01.24 සිට අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බදාදා අපර භාග 01.24ට පළමුව ආහාර අනුභව කොට සියලු වැඩ අත්හර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.

    ආහාර පිසීම

    අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.06ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී  දකුණු  දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා ගිතෙල් මිශ්‍ර කිරිබත්ක් ද, මුං ඇ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළි‍යෙළ කිර ගැනීම මැනවි.


    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභාවය

    අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුනු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya