මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු පුර මිතුදම රැගෙන යමු ඌවට

    අප්‍රේල් 16, 2016
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් “ගාලු පුර මිතුදම රැගෙන යමු ඌවට“ යන මැයෙන් සංවිධානය කරනු ලබන අවුරුදු නෑගමන පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පිටත්විය. 
    සිංහල අවුරුදු චාරිත්‍ර ඉදිරි අනාගතයට රැක ගැනීම මෙහි අරමුණයි. මේ අවස්ථාව ගාල්ල සංස්කෘතික බලමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැති අතර ගාල්ල දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීන් රැසක්ද සහබාගී වී සිටියහ. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කවීන් සහ කලා කරුවන් රැසක් මෙම ගමනට සහභාගී වී සිටියහ.
     
    සිංහල අවුරුදු නෑගම පුරානයේ සිට පැවත එන නමුත් අද වන විට ප්‍රදර්ශනාත්මක අංගයක් දක්වා වියැකී ගිය චාරිත්‍රයකි. ගමකින් ගමකට , ප්‍රදේශයෙන් ප්‍රෙද්ශයට මෙම නෑගමන යෑම සිදු කරනුයේ ගම්පති හෝ එම පවුල් හි අත්දැකිම් බහුල වැඩි මහල් පුද්ගලයෙකුගේ ප්‍රධානත්වයෙනි. “ කද බැඳගෙන- අවුරුදු ගමන යාම“ මෙහි දී දැකිය හැකි අතර ඒ ඒ ප්‍රෙද්ශයන්ට ආවේනික වූ කැවිලි පෙවිලි ආහාර රැගෙන මෙසේ පිරිස් සමගින් අවුරුදු ගමන් යෑම සිදු කරනු ලබයි.
     
    ඉහත වැඩසටහන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවැත් විණි. ගාල්ල දිස්‍ත්‍රික්කයෙන් පිටත්වූ සියල්ල පිළිගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ සංස්කෘතික බලමණ්ඩලයේ සාමාජීක මහත්ම මහත්මීන් ඇතුළුව නිලධාරීන් පිරිසක් පැමිණි සිටියහ. පැරණිම ක්‍රමවේදයන්ට අනුකූලව නොවුනත් මෙම වැඩසටහන තුළ සාම්ප්‍රදායික ස්වරූපයක් ඉස්මතු කරලීමට බොහෝ සේ උත්සහ දරා තිබීම වැඩි දෙනාගේ ඇගයීමට ලක් විය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya