මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභියෝග ජය ගැනීමට උපරීමයෙන් කැප වෙමු - මුදල් ඇමැති

    අප්‍රේල් 13, 2016
    යහපත් රාජ්‍ය පාලනයක හා සහජීවනයක බලාපොරොත්තු සඵල වෙමින් පවතින මොහොතක උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම, අතිශයින් සතුටට කරුණකි.
    චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාව, පෙළ ගැසී සිටින්නේ, බලාපොරොත්තු රැසක් මධ්‍යයේ වීම විශේෂත්වයකි. අන් කවරදාටත් වඩා මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද විශේෂත්වයක් ගනු ඇතැයි මම සිතමි.
     
    එනම්, ශ්‍රී ලාංකීය ජනතාව, ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය 2016 වසර තුළදී තබන ලද අභියෝගාත්මක පියවර නිසාවෙනි. මහ පොළොව මත පය ගසා සිටින, අප මේ මොහොතේ අදිටන් කරගත යුත්තේ, ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටීම සඳහා රටට ලබාදිය හැකි දායකත්වය කොපමණද යන්නය.
     
    දශක ගණනක යුද්ධයෙන් පීඩා විඳි අප, ඉන් ජයග්‍රහණය කළාසේම, ආර්ථික අභියෝගයද ජයග්‍රහණය කළ යුතුය.
     
    මෙය සුළු පටු කරුණක් නොවනු ඇත.  විටෙක අප නොසිතන, ආකාරයේ, අභියෝග එල්ල වනු ඇත.  ඒ සඳහා කිසියම් කැපකිරීමක් කිරීමට අප සියලුදෙනාට සිදුවනු නොඅනුමානය.
     
    ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ, අපගේ ආර්ථික ක්‍රියාවලියට එල්ලවන බලපෑම් සේම, පෙර කාල වකවානුවලදී රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා නිසි කළමනාකරණයක් නොතිබීමේ ප්‍රතිවිපාක, මේ වන විටත් අපි අත්දකිමින් සිටිමු.
    මෙවැනි අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලාංකීය ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන බව අපි හොඳාකාරවම දනිමු.
     
    එහෙත්, මේ අභියෝග ජයගැනීම සඳහා, උපරිම ලෙස කැපවීමෙන්, කටයුතු කිරීමට මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේදී අපි සියලුදෙනා දැඩි ලෙස අදිටන් කරගනිමු.
     
    උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද  ඔබ සියලු දෙනාටම සාමය, සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.  
     
    රවී කරුණානායක
    මුදල් අමාත්‍ය
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya