මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙළ ගී රැජිණ ගායන දිවියේ හත් වන දශකය සපුරයි

    අප්‍රේල් 05, 2016

    රට වෙනුවෙන් කලා කෙත අස්වද්දන්නට ස්වකීය නිර්මාණ දායකත්වය ලබා දුන් ජ්‍යෙෂ්ඨ ශිල්පීන් රැක බලා ගැනීම රජයේත්, මුළු මහත් සමාජයේත් පැහැරහර නොහැකි වගකීමක් බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

     මෙහිදි කථානායකවරයා කීවේය.   අපේ ලතා වල්පොල භාරතයේ ලතා මංගේෂ්කාර්ට දෙවෙනි නොවන බව ද කථානායවරයා සදහන් කළේය.

    පුරා වසර හැත්තෑවක් ස්වකීය අනභිභවනීය හඩින් හෙළ ගී කෙත සරු කළ ගායන ශිල්පිනි කලා ශූරි ලතා වල්පොල මහත්මියගේ සංගීත ක්ෂේත්‍රයේ සත් වන දශක සැමරුම්  ප්‍රසංගය ˝රොන් සොයා˝  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාවේ දී පසුගියදා පැවැත්විණි. එය පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයත් එක්ව සංවිධානය කර තිබුණු අතර එය කතානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.

    ගායන ශිල්පිනි ලතා වල්පොල මහත්මිය අගය කරමින් කතානායකවරයා ප්‍රකාශ කළේ මෙම ප්‍රසංගය ලතා වල්පොල ශිල්පිනිය වෙනුවෙන් පමණක් නොව,  කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විසල් මෙහෙවරක් ඉටු කළ අද ජීවිතයේ සැදෑ සමය ගෙවෙන සමස්ත කලාකරුවන් කෙරෙහි රටෙහි අවධානය යොමු කරවන්නක් බවයි.  

    අඛණ්ඩව සිය අමාත්‍යංශයේ මෙහෙවීමෙන් එවැනි ප්‍රසංග සංවිධානය කර,  ප්‍රවීණ කලාකරුවන්  ඇගයීමට ඔවුන්ට ජාතියේ කෘතවේදීභාවය පිදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya