මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික් භක්ති ගීත තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී පරම ශාස්ත්‍ර දහම් පාසලට

    අප්‍රේල් 04, 2016
    බුද්ධ වර්ෂ 2560 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන භක්ති ගීත වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්වූ බොදු බැති ගී තරග සදහා කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල මට්ටමින් බැති ගී කණ්ඩායම් 19 ක් සහභාගී විය.
    එම තරග වලදී ප්‍රථම ස්ථානය උතුරු කොළඹ ශ්‍රී පරම ශාස්ත්‍ර දහම් පාසල දිනා ගත් අතර තිඹිරිගස්යාය ශ්‍රී ධර්මකීර්ති දහම් පාසල දෙවන ස්ථානයත් පන්නිපිටිය ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදී. 
     
    ප්‍රථම ස්ථානය දිනාගත් කණ්ඩායම මැයි මස 07 වන දින පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සමස්ත ලංකා බැති ගී තරගයට ඉදිරිපත් වීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක කිරින්දේ පේමසිරි හිමියන් පැවසූහ.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya