මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් ගුරු භවතුන් සදහා පාලි භාෂා ප්‍රවර්ධන පාඨමාලාවක්

    අප්‍රේල් 04, 2016
    කොළඹ දිස්ත්‍රික්කයේ දහම් පාසල් ගුරු භවතුන් සහා පාලි භාෂා ප්‍රවර්ධන පාඨමාලාවක් ආරම්භ කර ඇති බව කොළඹ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක කිරින්දේ පේමසිරි හිමියෝ පවසති.
    මාස දහයක නොමිලේ පැවැත්වෙන පාඨමාලාවක් බැවින් දැනට 125 දෙනෙකු ලියාපදිංචි වී ඇත.දැනට කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය හා නාවින්න ඉසිපතනාරාමය යන විහාරස්ථාන වල මෙම පාඨමාලාව ආරම්භ කර ඇති අතර  මෙමගින් දහම් පාසල් ගුරුවරුන්ට භාෂා දැනුම ලබා දීම, දහම් පාසල් වල පාලි භාෂා ගුරු හිඟය මගහැරවීම, ථෙරවාදී බුදු දහම ව්‍යාප්ත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ බව බෞද්ධ කටයුතු සමායෝජක හිමියන් වැඩි දුරටත් පැවසූහ.
     
    මෙම වැඩසටහන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර ඇත.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya