මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ වසන්ත උළෙල ඇරඹේ

    අප්‍රේල් 02, 2016
    නුවරඑළිය වසන්ත උළෙල මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
    නුවරඑළිය නගර මාධ්‍යයේ දී පාසල් තූර්ය වාදක ප්‍රසංගයකින් මෙම උත්සවය ආරම්භ විය.වාර්ෂිකව මෙම සැණකෙළි මාසය අප්‍රේල් මස 01වැනි දින ආරම්භ වන අතර, මෙහි සංවිධාන කටයුතු නුවරඑළිය මහනගර සභාව විසින් සිදු කරනු ලබයි.
     
    1888 වර්ෂයේ උද්‍යාන ප්‍රදර්ශනයකින් ආරම්භ කෙරුණු මෙම වසන්ත සැණකෙළිය වඩාත් විධිමත්ව 1988 වර්ෂයේ සිට මේ වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. නුවරඑළිය පුරපති මහින්ද දොඩම්පේගමගේ මහතාගේ මෙහෙය වීම මත  මෙවරත් මෙම නාගරික ප්‍රදර්ශන උළෙල ආරම්භ කෙරිණි.
     
    මෙවර සැළලිහිණි වසන්ත සැණකෙළිය තුළදීද පසුගිය වසරට වඩා විනෝදාත්මක ක්‍රීඩා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, ඡායාරූප ප්‍රදර්ශන, පෝෂ්‍යදායි ළදරුවා තේරීමේ තරගය, මල් ප්‍රදර්ශනය, ගෙවතු වගා තරග, තරඟ තුරග, මෝස්‌තර නිරූපණ ශිල්පී තරග, ස්‌පීඩ් රේසිං බෝට්‌ටු තරග, 4x4 ජීප් තරග, කාර් සහ මෝටර් බයිසිකල් තරග, රාත්‍රී සංගීත සංදර්ශන ඇතුළත්ව ඇත.
     
    මෙවර සැළලිහිණි වසන්ත සමයේදී නුවරඑළියට පැමිණෙන සංචාරකයන් සඳහා නුවරඑළිය නැරඹිය හැකි ස්‌ථානවල තොරතුරු ඇතුළත් පොත් පිංචද ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර සැළලිහිණි වසන්ත සමයට ලක්‍ෂ 10 කට අධික දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ප්‍රමාණයක්‌ පැමිණෙතැයි අපේක්‍ෂා කරයි.
     
    මෙහි සමාරම්භක උළෙල සඳහා මහජන  නියෝජිතයින්, දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන් සහ පාසල් රැසක දු දරුවන් රැසක්ද සහභාගි වුහ.
     
    AP/DMu-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya