මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ කලා කුසලතා ඔප් නැංවීම දෙමාපියන්ගේ වගකීමක්

    මාර්තු 31, 2016
    දරුවන්ගේ කලා කුසලතා නැංවීමට දෙමාපියන්  විශේෂ අවධානය යොමු කල යුතු බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම් අබේවික්‍රම වනසුරිය මහතා පවසයි. 
    ඒ මහතා මෙම අදහස් දැක්වුයේ “අම්මත් එක්ක චිත්‍ර බලමු ”පෙර පාසල් චිත්‍ර ප්‍රදර්ශනයට එක් වෙමිනි. චිත්‍ර ප්‍රදර්ශනය කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි. 
     
    දරුවන් මල් කැකුළු බදුය. ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව සදහා කලාවෙන් ලැබෙන පිටුවහල ඉතා විශාලය. මේ සදහා දෙමාපියන් හොද පසුබිමක් නිර්මාණය කල යුතුය. රටක හොද පුරවැසියන් බිහි කිරිම සදහා මෙවැනි කලා කටයුතු වලින් විපුල ඵල ප්‍රයෝජන ලැබීම අනිවාර්ය කටයුත්තක් බවද මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම් අබේවික්‍රම වනසුරිය මහතා පැවසීය. 
     
    මෙම අවස්ථාවට මහා සංඝරත්නයද , දෙමාපියන් , පෙර පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය. 
     
    AP/DMU-Kegalle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya