මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහගම සේකරයන් ගේ 87 වැනි ජන්ම දින සැමරුම් උළෙල අප්‍රේල් 07 දා

    අප්‍රේල් 02, 2016
    ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය කලාකරුවකු වූ මහගම සේකරයන් ගේ 87 වැනි ජන්ම දින  සැමරුම් උළෙල 2016 අප්‍රේල් 07 වන දින ප.ව. 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
    අප්‍රේල් 07 වන දින රදාවානේ දී  උපත ලද  මහගම සේකර  ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු මෙන්ම කවියකු, ගීත රචකයකු, නවකතාකරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ  චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු  වශයෙන් සැලකේ.
     
    සිංහල නිසඳැස් පද්‍ය කලාවේ සුවිශේෂී සලකුණක් තැබු ඔහු ප්‍රවීණ චිත‍්‍ර ශිල්පියෙක් ද විය .
     
    අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන මෙම සැමරුම් උළෙලේදී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රත්න ශ්‍රී විජේසිංහ හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන් විසින් සමරු දේශන පැවැත්වීම  හා මහගම සේකර සමරු ශාස්ත්‍රීය සංග්‍රහයක් ද එළිදැක්වීමට ද නියමිතයි.
     
    මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඇතුළු මැති ඇමතිවරු හා කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya