මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''රොන් සොයා'' සංගීත ප්‍රසංගය අප්‍රේල් දෙවැනි දින කොළඹ දී

    මාර්තු 23, 2016

    ශ්‍රී ලාංකීය ගීත කෝකිළාවිය වන කලාශූරී ලතා වල්පොල මහත්මියගේ කලාදිවිය අගයමින් පවත්වනු ලබන ''රොන් සොයා'' සංගීත ප්‍රසංගය අප්‍රේල් දෙවැනි (02) පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ.

    ලාංකික කලාකරුවන් ඇගයීම සඳහා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බවත් සෑම මාස තුනකට වරක් කලාකරුවෙකු අගයමින් මෙවැනි ප්‍රසංගයක් පවත්වන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.


    ''රොන් සොයා'' ගීත ප්‍රසංගය පිළිබඳ ජනමාධ්‍ය දනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.


    අප්‍රේල් 02 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ප්‍රසංගය පවැත්වෙන අතර ප්‍රසංගය නොමිලේ පැවැත්වෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, කලාකරුවන් අසර වූ අවස්ථාවේ දී කවුරුත් නැති වන බවත් එබවින් ඔවුන්ට පිහිටවීම සඳහා ස්ථීර  වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවත් පැවසී ය.

    මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන, අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව  යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya