මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගලු ‍‍‍‍‍ඓතිහාසිකත්වය දැක්වෙන කාව්‍යමය සංග්‍රහයට තොරතුරු රැස් කෙරේ

    මාර්තු 22, 2016

    කෑගල්ල දිස්ත්‍රික්කයේ අතීත ශ්‍රී විභූතිය දැක්වෙන අයුරින් '' පුර පෙර විස්කම්” නමින් කාව්‍යමය ග්‍රන්ථයක් සම්පාදනය කිරිමට කෑගලු කවි සමාජය කටයුතු යොදා ඇත.

     

    මෙම කාව්‍යමය ග්‍රන්ථයට කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංවි ඕනෑම කෙනෙකුට නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ඒවා පහත දැක්වෙන නිර්ණායකයන්ට අනුව ඉදිරිපත් කළ යුතු බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා ප්‍රකාශ කරයි.

     

    එසේම කාව්‍යමය නිර්මාණයන් දිස්ත්‍රික්කයේ සෞන්දර්ය හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන පිළිබදව විය යුතුය. කාව්‍ය නිර්මාණයක් අවම වශයෙන් පද්‍ය පන්තීන් අටකින් සමන්විත විය යුතුය.

     

    එක් අයෙකුට ඔනෑතරම් පද්‍ය පන්තීන් ඉදිරිපත් කළ හැකිය. සියළුම නිර්මාණ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්. ඒ. පද්මිණි  වික්‍රමලතා මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කෑගල්ල යන ලිපිනයට එවිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya