මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අම්මත් එක්ක චිත්‍ර බලමු” ළමා චිත්‍ර ප්‍රදර්ශනය 30 දා කෑගල්ලේදී

    මාර්තු 22, 2016

    ළමා සිතුවිලි අවධි කිරිමත්, ඒවා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කර පවත්වනු ලබන ''අම්මත්  එක්ක චිත්‍ර බලමු'' ළමා චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 30 දා කෑගල්ල වෑවලදෙනිය, විහාරස්ථානයෙදී පෙරවරු 9.00 ආරම්භ කිරීමට නියමිතය.


    කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පෙර පාසල් දරු දැරියන්ගේ නිර්මාණ මෙම චිත්‍ර ප්‍රදර්ශනයට  ඉදිරිපත් කිරිමට නියමිතය.

     

    චිත්‍ර ඉදිරිපත් කරන දරු දැරියන්ට සහතික පත්‍ර  හා ත්‍යාග පිරිනැමිම ඇට්ලස් පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වයෙන්   සිදු කරන බව  කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී  ඩබ්ලිව්. ඒ .පද්මිණි වික්‍රමලතා මහත්මිය සදහන් කළාය.

     

    මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒම්.අබේවික්‍රම වනසුරිය මහතා සහභාගී  වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya