මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම් උළෙල 21 දා..

    මාර්තු 19, 2016
    "2016 ලෝක රූකඩ දින සැමරුම් උළෙල" මාර්තු මස 21 වන දින ‍පෙ.ව. 10.00 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ දී  අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික  කටයුතු  අමාත්‍ය  එස්.බී.නාවින්න මහතා ගේ ආරාධනයෙන් ප්‍රවීණ රූකඩ ශිල්පි චාර්ල්ස් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    රූකඩ නාට්‍ය ශිල්පීන්ගේ සේවාව අගයකිරීම සදහා සෑම වසරකම මාර්තු 21 වන දින “ලෝක රූකඩ දිනය” ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇත.
     
    ශ්‍රී ලංකාවේ මුල්වරට ලෝක රූකඩ දින සැමරුම 2005 වසරේ පැවැත් විය. එදා සිට අද දක්වාම වර්ෂයක් පාසා ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම උත්කර්ෂවත්  ලෙස පවත්වා ඇති අතර ඒ අනුව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලෝක රූකඩ නාට්‍ය දින සැමරුම් උළෙල සංවිධානය කර ඇත.
     
    මෙවර ලෝක රූකඩ දින සැමරුම් උළෙලේ දී  දේශීය රූකඩ කලාව පිළිබදව විශේෂ දේශනයක් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ලංකාවේ පළාත් නවය නියෝජනය කරමින් ප්‍රවීණ රූකඩ නාට්‍ය ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන රූකඩ නාට්‍ය සංදර්ශනයක් ද පැවැත්වේ.
     
    මෙවර ලෝක රූකඩ දින සැමරුම් උළෙලේ දී  දේශීය රූකඩ කලාව පිළිබදව විශේෂ දේශනයක් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ලංකාවේ පළාත් නවය නියෝජනය කරමින් ප්‍රවීණ රූකඩ නාට්‍ය ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන රූකඩ නාට්‍ය සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya