මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - වැවුරුකන්නල මහා බුද්ධ ප්‍රතිමා වහන්සේට වසර පනහක් සපිරීමේ පිංකම අද

    මාර්තු 19, 2016
    ජාත්‍යන්තර කීර්තියට පත් ලෝකවාසී බෞද්ධයන්ගේ ජනාදරයට පාත්‍ර වූ මාතර, දික්වැල්ල වැවුරුකන්නල සියක් රියන් මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාමානයට නිරාවරණය කර වසර පනහක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන පිංකම් මාලාව අද වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර විහාරස්ථානයේ දී පැවැත්වේ.
    මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාතෘවර අපවත් වී වදාළ දික්වැල්ලේ සිරි විමලතිස්ස නාහිමියන්ගේ සියවැනි ජන්ම සැමරුම ද යෙදී ඇත්තේද මෙදිනට ය.
     
    ඒ අනුව වත්මන් විහාරාධිපති ආචාර්ය දික්වැල්ලේ තිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අද දවස පුරා විශේෂ පූජෝත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.
     
    වැවුරුකන්නල බුදුරජමහ වෙහෙර විහාරස්ථ ස්වර්ණ ජයන්ති පිංකම් කමිටුව පිංකම් මාලාව සංවිධානය කරති.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya