මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ කලාකරුවන්ට අතහිත දීමට සංස්කෘතික අරමුදලක්

    මාර්තු 17, 2016
    මාතලේ කලාකරුවන්ගේ නිර්මාණ එළි දැක්වීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට සහ ඔවුන්ගේ සුභ සිද්ධිය  උදෙසා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයට සමගාමීව සංස්කෘතික අරමුදලක් පිහිටු වීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා පැවසීය.
    ඒ සදහා දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ සහයෝගය ලබා ගන්නා අතර  රජයේ අරමුදල් වලින් මෙම අරමුදලට ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ  හැකියාව පිළිබදව සොයා බලන බවත් පැවසීය.
     
    දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා මේ බැව් සදහන් කළේ මාතලේ දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය පිහිටු වීම  වෙනුවෙන් පසුගියදා දිසා ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේ පැවති රැස්වීමක් අමතමිනි.
     
    මීට  අමතරව මෙම සංස්කෘතික අරමුදලට මුදල් රැස් කිරීම සදහා සංස්කෘතික බල මණ්ඩලය මගින් වැඩ පිළිවෙලක් සකස් කරන බවත් මෙම අරමුදල ප්‍රයෝජනයට ගෙන දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ එලි දැක්වීමට අවශ්‍ය සහය ලබා දෙන බව ද ඒ මහතා පැවසීය.
     
    එහිදි වැඩිදුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම්වරයා අභිනවයෙන් පත්වූ සංස්කෘතික බල මණ්ඩලය මගින් දිස්ත්‍රික්කයේ සංස්කෘතික ප්‍රබෝදය  ඇති කිරීම පිණිස වැඩ සටහන් රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද පෙන්වා දුන්නේය.
     
    ඒ අනුව ඓතිහාසික මාතලේ ග්‍රන්ථයේ දෙවන වෙලුම සකස් කිරීම,මාතලේ කලාකරුවන්ගේ  සවිස්තර තොරතුරු ඇතුලත් කලාකරු  තොම්බුවක් සකස් කිරීම, මාතලේ මහජන පුස්තකාලයේ මාතලේ ලේඛකයන්ගේ පොත් අංශයක් ස්ථාපිත කිරීම, දිස්ත්‍රික් නර්තන කණ්ඩායමක් සහ හේවිසි කණ්ඩායමක් සකස් කිරිම, ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශන සහ නාට්‍ය සංදර්ශන ඉන් ප්‍රධාන වන බව ද පෙන්වා දුන්නේය.
     
    විවිධ ශිල්පීය හැකියාවන්  ඇති ප්‍රවීණ කලාකරුවන් රැසක් ඇති මාතලේ දිස්ත්‍රික්කය තුළ සිටින බවත්  ඔවුන්ට පුහුණු විම් අවශ්‍ය  නොවන බවත් අවශ්‍ය වන්නේ සම්බන්ධිකරණය, මුල්‍යමය සහ අනෙකුත් පහසුකම් සැපයීම තුළින් ඔවුන් දිරි ගැන්විම  බවත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලයිමට දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල කටයුතු කළ යුතු බවත් ඒ මහතා  පෙන්වා දුන්නේය.
     
    දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ නව උප සභාපති ලෙස ප්‍රවීණ ලේඛක වයි. එම්.සී. අප්පුහාමි මහතා ද ලේකම් ලෙස ප්‍රවීණ චිත්‍ර කලා උපදේශක කලාභූෂණ කුමාරසිරි ලේල්වල මහතා ද භාණ්ඩාගාරික ලෙස ප්‍රවීණ දේශක ඩි.එම්.එන්. ආරච්චිගේ මහතා ද නිතරඟයෙන් තෝරා පත් කර ගන්නා ලදි. කලා කරුවන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවේ අදහස් දැක්වීය.
     
    මෙම අවස්ථාවට මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති  උඩුරාවන සුමනරතන හිමිපාණන් වහන්සේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න,ප්‍රාදේශීය  ලේකම්වරුන්, සහකාර ලේකම්වරු,  දිස්ත්‍රික් සාහිත්‍ය කලා සංසදයේ සභාපති ගාමිණි නිශාන්ත කරුණාරත්න , ලේකම් සෝමරත්න හරස්ගම  සංස්කෘතික නිලධාරින් සහ කලාකරුවන් රැසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya