මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කවි දිනය මාර්තු 21 දා

    මාර්තු 19, 2016
    2016 ලෝක කවිදින සැමරුම් උළෙල මාර්තු 21 වන දින ප.ව. 3.00 ට අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ගේ ආරාධනයෙන්, ප්‍රවීණ කිවිවර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර මහතා ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. 
    මෙහිදී කාව්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂ සේවයක් කළ ප්‍රවීණ කවීන් පස් දෙනෙක් සඳහා “කාව්‍යාභිමානී“ ගෞරව සම්මානය ප්‍රථම වරට පිරිනැමීම සිදුකරනු ලබන අතර මෙහිදී කාව්‍ය සංගම් නියෝජනය කරමින් කවි කිවිඳියන්ගේ නිර්මාණ ඇතුලත් කාව්‍ය සංග්‍රහයක්, නිදහස් කාව්‍ය සංග්‍රහයක් හා දෙමළ කාව්‍ය සංග්‍රහයක් නිකුත් කිරීමට ද නියමිතයි.
     
    ලෝක කවි දින සැමරුම් උළෙලේ දී බුද්ධදාස ගලප්පත්ති, ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර හා ආචාර්ය  ශ්‍රී ප්‍රශාන්තන්   මහත්වරුන් විසින්  සැමරුම් දේශන පැවැත්වීමට නියමිත අතර සැමරුම් උළෙල අවසානයේ දී ප්‍රවීණ කවි කිවිඳියන් එක්වන හිටිවන කවි මඩුවක් පැවැත්වීමට ද නියමිතයි.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම සැමරුම් උළෙල සංවිධානය කර ඇත.මෙම උත්සවයට සමගාමීව කවි කිවිඳියන්ගේ කවි පොත් මිළදී ගැනීමේ අවස්ථාව ද සලසා ඇත. 
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya