මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දී අභිනව ග්‍රන්ථ 10 ක් දොරට වඩී

    මාර්තු 07, 2016
    මාතර දිස්ත්‍රික්කයේ ලේඛක ලේඛිකාවන්ගේ අභිනව ග්‍රන්ථ 10 ක් දොරට වැඩීමේ මහෝත්සවයක් පසුගියදා දකුණු පළාත් සංස්කෘතික කටුතු පිළිබඳ අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ සහ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.
    ගත් කතුවරුන් වන තල්පාවිල විජයසෝම මහතා විසින් රචිත“සීට්ටු හාමිනේ“, උපසේන ඒ. ලියනගම මහතා විසින් රචිත “ගගන සරන සඳ“ සහ “හරසුන් සමයෙක සංකජ රිද්මය (ගජමන් නෝනා)“, ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත “සුන්දර කිරළ කැලේ“, දෙනගම ධම්මික රණවීර මහතා විසින් රචිත “මාතර උරුමය“, විල්සන් කොඩිතුවක්කු මහතා විසින් රචිත “වල්ලිමාතා දෙවඟන“ හා “මාතෘ දේව සංකල්පය“, සමරනායක විපුලගුණ මහතා විසින් රචිත “හිම කුමාරි සහ හඳ කිඳුරි“, නදී ගමගේ මහතා විසින් රචිත “භාෂා නිරුක්ති ශබ්ද කෝෂය“ සහ කේ.ඩී.එස්. සුදුසිංහ මහතා විසින් රචිත “ග්‍රහලෝක සංචාරය 2050“ යන කෘති දොරට වැඩීම මේ අවස්ථාවේ දී සිදු කෙරිණි.
     
    මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ මාතර දිස්ත්‍රික්කයේ ලේඛක සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගි වූහ.
     
    මාතර දිස්ත්‍රික් ලේඛක සංගමය උත්සවය සංවිධානය කරන ලදි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya