මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් දහම් පාසල් ගුරුවරුන්ගේ පාලි භාෂා දැනුම දියුණු කෙරේ.

    මාර්තු 05, 2016
    කෑගල්ල දිස්ත්‍රික් දහම් පාසල් ගුරුවරුන්ගේ පාලි භාෂා දැණුම ප්‍රවර්ධනය කිරිමේ විශේෂ වැඩ සටහනක් අද පෙ.ව. 8.30 ට යටියන්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාලි භාෂා ප්‍රවර්ධන වැඩ සටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 563 ක් නියෝජනය කරමින්  ගුරු මහත්ම මහත්මීන් සහභාගී විමට නියමිත අතර මෙම වැඩ සටහන අවුරුද්දක් පුරා සති අන්තයේදී පැවැත්වීමට නියමිතය. 
     
    යටියන්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති විල්ගමුවේ රතනසාර හිමියන්ගේ  ප්‍රධානත්ව‍යෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා යටියන්තොට ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු  ලබයි. 
     
    AP/DMU-kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya