මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.

    මාර්තු 02, 2016
    මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2016 මධ්‍යම පළාත් කලා උළෙලට සමගාමීව පවත්වන සංස්කෘතික තරගාවලිය සදහා  අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කොට ඇත. 
    මධ්‍ම පළාත තුළ සිටින ලේඛකයන් ඇතුළු සියළුම කලාකරුවන්ට මේ සදහා ඉදිරිපත් විය හැකි අතර, ඔවුන්ට සාහිත්‍ය, නර්තන, වාදන සහ කෙටි නාට්‍ය ඇතුළු තරග ඉසව් රැසක් සදහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.  දහම් පාසල් නියෝජනය කරමින්ද තරඟ වැදීමට අවස්ථාව සළසා තිබේ.
     
    මෙම තරගාවලිය හා සම්බන්ධ තොරතුරු මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් හෝ පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සිටින සංස්කෘතික නිලධාරිගෙන් ලබා ගත හැකිය. 
     
    සාහිත්‍ය තරග සහ නිර්මාණාත්මක ඉසව් සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2016.04.29 වැනි දිනට යෙදී ඇති බැවින් එදිනට පෙර තම නිර්මාණ ලබා දෙන ලෙස මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ එච්.එම්.යූ.බී. හේරත් මහතා ප්‍රකාශ කරයි.
     
    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya