මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පොත් ප්‍රදර්ශනය 3 දා සිට

    මාර්තු 01, 2016

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන පොත් ප‍්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  අනිද්දා (03) සිට 05 වැනි දා දක්වා කුලියාපිටිය මහජන පුස්තකාල පරිශ‍්‍රයේ දී පැවැත්විමට නියමිතයි.  

    රටේ ජනතාව තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීම, රසවින්දනය සහ දැනුම් අවස්ථා පුළුල් කිරීමත් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

    මෙහිදී වඩාත් ගුණාත්මකබාවයෙන් යුත් පොත්පත් සහනදායී මිළ ගණන් යටතේ ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන අතර කියවීමේ රුචිය වර්ධනය කිරීම මෙහි තවත් අරමුණකි.

    මීට සමගාමිව කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ සහ ගිරිඋල්ල කලාපයේ පාසල් 123 ක පුස්තකාල සඳහා රු.1,230,000/- ක් වටිනා පොත්පත් ප‍්‍රදානය කිරීමක් ද සිදු කිරිමට නියමිතයි.  

     මෙම අවස්ථාවට අදාළ පාසල්වල විදුහල්පතිවරුන්, පුස්තකාලාධිපතිවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු පිරිසක් සහභාගිවීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya