මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " රුහුණු වෙද විදු අබිමන් " මාර්තු මස 24 - 31 දක්වා

    පෙබරවාරි 27, 2016
    " රුහුණු වෙද විදු අබිමන් "  ( MED RU 2016 ) වෛද්‍ය ප්‍රදර්ශනය  මාර්තු මස 24 - 31 දක්වා  කරාපිටිය වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.
    රුහුණු විශ්ව විද්‍යාලයෙහි  කරාපිටිය වෛද්‍ය පීඨය සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ප්‍රථම වරට පවත්වනු ලැබුවේ 2006 වසරේදී ය. වසර දහයකට පසු මෙවර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ දෙවන වරටයි.
     
    ශිෂ්‍ය කණ්ඩායම් 6 ක් ක්ෂේත්‍ර 32 ක් යටතේ ප්‍රදර්ශණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදු කරමින් පවතින බවත්
    ප්‍රථම ප්‍රදර්ශනයේදී ලබා ගත් අත්දැකීම්ද නව තාක්ෂණයද උපයෝගී කරගනිමින්  මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන බවත් පීඨාධිපති මහාචාර්ය සරත් ලේකම්වසම් මහතා පැවසීය.
     
    ඒ මහතා මෙම අදහස් පළකළේ මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
     
    මෙහිදී කළල අවස්ථාවේ සිට මරණය දක්වා මිනිස් සිරුරේ විවිධ අවස්ථා , ළදරු ,ළමා ,යෞවන ,මහලු විය ආදී වයස් කාණ්ඩයන්ට බහුලව වැළදෙන රෝග ,විශේෂ ක්ෂේත්‍ර ,ප්‍රජනන සෞඛ්‍ය,ගැබිණි මව්වරුන් ,මහලුවිය සහ කාන්තාවන්  යන විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ප්‍රදර්ශනය පැවැත්වේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya