මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාලදක්‍ෂ ගුරුවරුන් 10,000 ක් පුහුණු කිරීමේ වැඩසටහන

    පෙබරවාරි 25, 2016
    2016 වර්ෂය තළ දී පාසැල් ගුරුවරුන් දස දහසක් දෙනා බාලදක්‍ෂ ගුරුවරුන් ලෙස පුහුණු කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්දආරච්චි මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ පසුගියදා යාපනය මධ්‍ය විදුහලේ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
     
    බාලදක්‍ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා ,ශී‍්‍ර ලංකාවේ පාසැල් ක්‍ෂෙත‍්‍රය තුළ දැනට දැඩි කැපවීමෙන්, ස්වෙච්ඡාවෙන් කටයුතු කරන පාසැල් ගුරුවරුන් 4,500 ක් පමණ දෙනා බාලදක්‍ෂ ආචාර්ය වරුන් ලෙස කටයුතු කරනවා. මෙම ගුරුවරුන්ගේ කැපවීම ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන අතර, බාලදක්‍ෂ ව්‍යාපාරය ජාතික පාසලක් ලෙස හැදින්වීම කිසිදු වරදක් නැහැ. මේ තුළින් ගොඩනැගෙන ජාතික, ආගමික, සංස්කෘතික සංහිදිතාවය ශී‍්‍ර ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බරයක් ගෙන දෙන්නක්.
     
    ශී‍්‍ර ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයට කැපවී කටයුතු කරන සියළුම දෙනාට දරුවන් වෙනුවෙන් අපගේ ගෞරවය හිමිවිය යුතු බවද ඒ මහතා පැවසීය. 
     
    මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya