මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව ග්‍රන්ථ දොරට වැඩීමේ මහෝත්සවයක් මාතර දී

    පෙබරවාරි 24, 2016
    මාතර දිස්ත්‍රික්කයේ ලේඛක ලේඛිකාවන්ගේ අභිනව ග්‍රන්ථ දොරට වැඩීමේ මහෝත්සවයක් පෙබරවාරි 25 වන දින ප.ව. 2.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
    සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ හා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී ගත් කතුවරුන් වන තල්පාවිල විජයසෝම, උපසේන ඒ. ලියනගම, ජයතිස්ස තෙන්නකෝන්, ධම්මික රණවීර, විල්සන් කොඩිතුවක්කු, සමරනායක විපුලගුන, නදී ගමගේ සහ කේ.ඩී.එස්. සුදුසිංහ යන මහත්ම මහත්මීන්ගේ කෘති දොරට වැඩීම සිදු කෙරේ.
     
    මාතර දිස්ත්‍රික් ලේඛක සංගමය මෙම උත්සවය සංවිධානය කරයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya